Skip to content

Lyrics

සිංහල
හිරු ඉපදෙන විට නෙළුම් පිපෙන ලෙස මට ඔබ විශ්වාසයි බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස මට ඔබ විශ්වාසයි දෙදෙනා බැඳි පෙම දෙදෙනා සුරකින බව මට විශ්වාසයි අවිහිංසක ඔබ මට හිංසාවක් නොකරනු විශ්වාසයි අතැඟිලි පටලා බැඳ ගත් අත් වැල නොබිඳිනු විශ්වාසයි සඳකඩ පහණක් ලෙස මා පා යුග සිප ගනු විශ්වාසයි අපමණ බාධා ආවත් ඔබ මට ගැති බව විශ්වාසයි කාට අකීකරු වූවත් මට කීකරු වනු විශ්වාසයි මා හරි දිළිඳුයි පොහොසත් නොම වෙයි ඒකත් විශ්වාසයි රජ ඉසුරට ඔබ ලොභ වී මා හැර යයි ද අවිශ්වාසයි

More by Anil Bharathi

View all songs by Anil Bharathi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.