Skip to content

Lyrics

සිංහල
හිරු ඉපදෙන විට නෙළුම් පිපෙන ලෙස මට ඔබ විශ්වාසයි බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස මට ඔබ විශ්වාසයි දෙදෙනා බැඳී පෙම දෙදෙනා සුරකින බව මට විශ්වාසයි අවිහිංසක ඔබ මට හිංසාවක් නොකරනු විශ්වාසයි අතැඟිලි පටලා බැදගත් අත්වැල නොබිඳිනු විශ්වාසයි සඳකඩ පහනක් ලෙස මා පා යුග සිපගනු විශ්වාසයි හිරු ඉපදෙන විට... අපමණ බාධා ආවත් ඔබ මට ගැති බව විශ්වාසයි කාට අකීකරු වූවත් මට කීකරු වනු විශ්වාසයි මා හරි දිලිඳුයි පොහොසත් නොම වෙයි එකත් විශ්වාසයි රජ ඉසුරට ඔබ ලොබ වී මා හැර යයිද අවිශ්වාසයි හිරු ඉපදෙන විට නෙළුම් පිපෙන ලෙස මට ඔබ විශ්වාසයි බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස මට ඔබ විශ්වාසයි

More by Anil Barathi

View all songs by Anil Barathi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.