Skip to content

Lyrics

සිංහල
මල් මල් හැඟුමෙන් පැතුම් පිරී සඳෙහී රන්වන් කැලුම් දිදී ආදරෙ මැද ලැබ සියල් සිරී සැරදේ පතමී දිගාසිරී සැපසේ සුවසේ වැඩෙන්නටයි නැණයෙන් ගුණයෙන් පිරෙන්නටයි සැමගෙන් හොඳ නම ලබන්නටයි සිහිනෙන්වත් දුක නොවන්නටයි (පාලා කරුණා දයා ගුණේ සැමදා සැමටම බෙදා සෙනේ යුතුකම් ඉටුකර මෙලෝ තලේ ජය මුතු මාලා දමා ගෙලේ).. සොම්නස සම්පත ගලන්නටයි සුවසෙත ජයසිරි සැදෙන්නටයි උපන්දිනේ සිත පිරෙන්නටයි පැතුම් විමානය දිලෙන්නටයි (ඉපදුණු රට දැය නඟන්නටයි හෙළ බස රස මතු කරන්නටයි මවු පිය දෙදෙනා රකින්නටයි ජය ටැඹ වෙත පා තියන්නටයි)..

More by Anil Barathi

View all songs by Anil Barathi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.