Skip to content

Lyrics

සිංහල
Kalak Awamen Perum Pura කලක් ඇවෑමෙන් පෙරුම් පුරා සැසඳෙන පිවිතුරු සිතක් සොයා සසර ගෙවා පැතුම් පුරා ගෙන ඔබ හමුවී නව කෙනෙක් වුණා කලක් ඇවෑමෙන් පෙරුම් පුරා මා සිටියා මග දෙනෙත් අයා සිහින විමානෙන් ඔබ ඇවිදින් අද මා හදවත මල් ලොවක් කලා ජීවිතයට පෙම් රස දැනිලා ආදරයක සෙවනැලි අතුරා මා හදවත් විසිතුරු කරලා ඇඳි සිතුවම් නොම යයි මැකිලා ආදර දෙවොලේ සීනු හඬින් මා සිත ඔබ වෙත කැඳවනවා සීතල මීදුම් සේල ඉරා ගත දවටා ගෙන මා එනවා

More by Angelin Gunathilaka

View all songs by Angelin Gunathilaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.