Skip to content

Lyrics

සිංහල
සොඳුරිය කාලය කොතරම් නපුරුද දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන රැකගත් ආලය උදුරා ගෙන ගිය කාලය කොතරම්... නපුරුද සොඳුරිය පෙරුම් පුරා දුකසේ ගළපාගත් කවිය ඔබම වී නැළවුණ යුගයක හද රැඳි ඔබ රුව සිහිනෙකවත් නැත ඒ රුව කොතරම් මිහිරිද සොඳුරිය සොඳුරිය කාලය.... ලොවට හොරා විලිලා බිහි කරගත් වසන්තයේ සඳ මියැදුන දවසක බෙදා හදාගත් දුකවත් අද නැත ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය සොඳුරිය කාලය....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.