Skip to content

Lyrics

සිංහල
පිනෙන් පිරිහී අහසින් වැටී නිවි නිවී යන දේවතා එළියේ දෙතිස් වධ විඳිනා දේවතාවෝ මව්ගුණ ගී ගයති වධක කුටියේ - මව්ගුණ ගී ගයති වෙළෙමින් සුරතල් අම්මාගේ දෙතනේ රසකිරි බිව්වා ඒ රසයයි දැන් කටට උනන්නේ අම්මා දෝ ඇවිදින් ඉන්නේ වේදනා නිව්වේ මැයි කකියන සිරුරේ කිය කියා නැළවිලි ගී - අම්මා දෝ ඇවිදින් ඉන්නේ නිරපරාදේ සතර අපායේ නොවැටී මව් කිරි බී වැඩුණේ මැයි මගෙ දරුවන් සේ මා වධකයින් හට සමාව දී අප ගෙන යන්නට අම්මා දෝ ඇවිදින් ඉන්නේ

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.