Skip to content

Lyrics

සිංහල
රණ්ඩුවක් උනේ නෑ කියන්නම් දිවුරලා අම්මේ මට කරුවලයි හඳ මගෙන් හැංගිලා කරුවළට මුවා වී හඳ ලඟම ඉන්නවා හඳේ හා පැටවු නෑ උන් පුතා හොයනවා එන්න දුර වැඩියි නම් හීනෙකින් වත් එබෙනවද දන්න කෙනෙකුන් අතේ මගේ හිත එවනවද දෙන්නා දෙතැනක තියා මොන පවක් ගලනවද අම්මා ලඟ නැති දුකට මගේ පණ අඬනවද වදී වැහි පිණි හිසට රන් වියන් තැනේවා නොඹී ඇල් දිය කුසට රජ බොජුන් ඉදේවා ඒ මුකුත් නැති උනත් අම්මේ හෙට හිනැහිලා ඇවිත් එක්කන් යන්න මම හිමේ තනි වෙලා අම්මේ......

More by Yashodha Priyadarshani

View all songs by Yashodha Priyadarshani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.