Skip to content

Lyrics

සිංහල
සුසුමක් දුර මාගෙන් .... සුසුමක් දුර මාගෙන් නොයිදිනු මැන වෙන්වී බලා සඳ සිහිලැල් යාමේ නුඹෙ හසරැල් මතකයෙහි හිත නුඹටම උමතු වෙලා නුඹ ආදා නෙතු විඳිනා සිහිනෙට තාමත් ලෙන්ගතු වී ගැහෙනා සිත ලබැදියෙ සිහිනෙන් ගෑ මෘදු සුවඳ වෙලා චංචල දෑසම සඟවා ගත්තද ආදරයෙන් මා බලන වෙලාවට ඒ නෙත් සන්තක සෙනෙහස මගෙම කියා පවසයි රහසින් ආදරයට ජීවිතය කියාදෙන කවියකි නුඹෙ රූ ඡායා සිත්තම්කාරි නුඹෙමයි මේ සිත් පිටුව පුරා ඇදි සේයා සුසුමක් දුර මාගෙන් .... සුසුමක් දුර මාගෙන් නොයිදිනු මැන වෙන්වී බලා හිත නුඹටම උමතු වෙලා කඳුලක සේ නෙතු පාරා නොයැනුව මැනවි රිදවා මා හද ගැහෙනා හැම මොහොතේ පණ ලැබුයේ මා නුඹගෙන්මයි මිරිඟුව සේ දුර පේනා නෙතු රැවටුම් අතරේහි ගිම් නිවනා ඇල්ලක සේ සිහිලයි නුඹගේ සෙවනේදී ආදරයට ජීවිතය ....

More by Viraj Abeysinghe

View all songs by Viraj Abeysinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.