Skip to content

Lyrics

සිංහල
කවුළුව අතරින් සඳ රැස් එනවා පොල් අතු වහලින් පිනි බේරෙනවා සොඳුරිය මාගේ පුංචි පුතා මා උකුලේ තියා නලවනවා.... අඳුරුය පාළුය නිසලය මේ රැය සීතල සුළඟ ද ඒය හමා වවුලන් ඉගිලෙයි දොරකඩ අරඹේ බකමූණෙකු ඉඳ නද දෙනවා සොඳුරිය මුමුණන නැලවිලි ගීතය සුරංඟන ගීතය පරදනවා... කවුළුව අතරින් ..... අග හිඟ කම් මැද ආදරේ පොදි බැඳ අප එක්වුන හැටි සිහිවෙනවා දින දින ගිලිහෙන දහසක් පැතුමන් අතරේ සෙනෙහස ලියලනවා අප අතරට වන් පොඩි පුත බැදි දම් දිවි සටනට දිරි ගෙන දෙනවා.... කවුළුව අතරින් ......... සොඳුරියගේ දොයි දොයි හඬ නෑ දැන් නිදිමත වී හිස බරවෙනවා ගේ දොර වැඩපල හිරිහැර කරදර මා හින්දා ඈ ඉවසනවා නිදියනු සොඳුරිය නිදියනු මා පුත දෙවියෝ මට ඔබ රැකදෙනවා..... කවුළුව අතරින් .........

More by Vijaya Kumarathunga

View all songs by Vijaya Kumarathunga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.