Skip to content

Lyrics

සිංහල
නිල් නෙතු නිලුපුල්... ම්... නිල් නෙතු නිලුපුල් රුව ඇඳුණා මාහදේ ගී පොතේ මල් සුවඳැති මල් මත රන් රේණු ගොමු සුදු පාවෙතේ ඇයි මා මෙතරම් කළඹාලා ඉන්නේ හිනැහිලා රොන් ගඟුලැල්ලේ සිහිලැල්ලේ මුදු මල් පාවෙලා..... මල් විල් මැදින් පිවිතුරු ඔබේ මුදු සුවඳ සොයලා නොඉඳුල් මලේ දෝතට නෙලා රැකගනිමි දිවි තුරා මිනිමුතු කුසුම් මල්බර වෙලා පාළුවේ හිටියා අන්සතු නොවී ඔබ එනතුරා මා කඳුළු හැංගුවා.... කවි සිත ඔබේ මට දුන මැනේ කිවිඳියේ පෙම් සිනා‍ මුළු ජීවිතේ ගීයක් වගේ රන් ස්වරය මුසු වෙලා පන්හිඳ මැවූ මා දුකිනි පිදු ඔබටමයි ගැයුනේ කුමරාණනේ මේ කවි හිතත් ඔබ නමින් ලියැවුණේ..... නිල් නෙතු නිලුපුල්.....

More by Uresha Ravihari

View all songs by Uresha Ravihari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.