Skip to content

Lyrics

සිංහල
සුදු රැලි ලස්සන ගවුම ඇඳන් පොත් සුරතින් ලැම තුරුළු කරන් සඳවතියක් සේ සිනා සලන් හිමිදිරියේම එනතුරා බලන් (ඉන්නම් තනිවී මං ගුරු පාරේ පවසන්නට හිත බැඳුණු ආදරේ...... ) කැල්මන් හෙලා දෑස කොනකින් බලා ඇයිදෝ හිනා මූණ මට හංඟලා සුසුමක් වෙලා හිතට වද වේදනා දෙයිදෝ නැවුම් ආදරේ කල්පනා ඉවසුම් නොවේ සිතුමන් මාගේ ඔබ තාම නෑ පෙනෙන ඉමේ..... සුදු රැලි ලස්සන...... සිහිනෙන් පවා දකින ඔය රූ සොබා ඇඳුනේ හදේ සිතුවමක් සේ සදා සසරේ සරා යන්න පෙරුමන් පුරා ළං වේවිදෝ මගේම වී සෑමදා ඉවසුම් නොවේ සිතුමන් මාගේ ඔබ තාම නෑ පෙනෙන ඉමේ..... සුදු රැලි ලස්සන......

More by Upul Asanka

View all songs by Upul Asanka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.