Skip to content

Lyrics

සිංහල
හුඟක් දුර යන්න හීන මවා හිතේ ඉඩ සෙව්වේ පෙරුම් පුරා අවසානේ රැවටුණේ මෙමා නොකියාම දුර ගියේ ඔයා වැටෙනා හුස්මේ පවා පෙම් කෙරුවේ මමමයි සදා කඳුළින්ම ඉරණම ලියා සමුගත්තේ කොහොමද ඔයා....... රහසින්ම හමුවීලා කාටත් හොරා මතකයිද පෙම් කෙරුවා අපි පෙර එදා අද මා හැරදා දුරකින් තියා මුදලින් සෙනෙහේ හිමිකම පුදා හිනැහී ඉන්නේ කොහොමද ඔයා....... වැටෙනා හුස්මේ පවා පෙම් කෙරුවේ මමමයි සදා කඳුළින්ම ඉරණම ලියා සමුගත්තේ කොහොමද ඔයා....... ළඟ උන්නු ඒ කාලේ ඔබෙමයි සිතා හැම සතුට කැප කෙරුවේ වටිනා නිසා මා මෙන් තවකෙක් රවටන්නෙපා හැකිතෙක් තනියෙන් ඉන්නම් මෙමා සැමදා සතුටින් ඉනු මැන ඔයා....... හුඟක් දුර යන්න.......

More by Tharindu Bandara

View all songs by Tharindu Bandara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.