Skip to content

Lyrics

සිංහල
සිහිනේ රැඳුනා නුඹ කිරුළ පැළඳු දිනේ හදෙහි ඇඳුනා දිරි දුන්නු සිනහා නුඹේ සසඳන්න ලෝකේ දන්න වීරයෝ නැති තරම් නුඹ දන්නේ නෑ අප හදේ ඉඩ ඇති තරම්...... පිතිකරුවා නුඹයි පිටියේ තේජමාන මවනා සොහොයුරා නුඹයි අපගේ හිතවත්කම් බෝමා පෙම්වතෙක් නුඹත් දිවියේ ආදරේ ලොවට පානා වීරයා නුඹයි අප හදවතේ ඉන්නා..... හැබැහින් දිලුනා රන් තරුව වී අහසේ නිසැකින් සුරැකී නුඹ මව් බිමේ නාමේ පිනකින්ද ලැබුණේ නුඹ වාගේ මිනිසෙක් රටේ නිම වෙන්න නොව රැඳුනේ ඔබ අප හදවතේ..... පිතිකරුවා නුඹයි...... නොමැකෙනා ලෙසට අප හිතේ ඉහළින්ම රජ වෙන්නා වීරයා නුඹයි අප හදවතේ ඉන්නා.....

More by Tehan Perera

View all songs by Tehan Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.