Skip to content

Lyrics

සිංහල
ජය ඝෝෂා ආයෙත් රැව්දෙනා කොයි කාගෙත් හදවත් පිබිදෙනවා හිතවත්කම් මිතුදම් මතුවෙනවා ශ්‍රී ලංකාවේ අපි ජය ටැඹ වෙත යනවා අභිමානෙන් හෙළ අභිමානෙන් එකතු වෙලා පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා... හැකියා ඔප නංවා දස්කම් විස්කම් පෙන්වා එක එල්ලේ තණ නිල්ලේ දිරි වඩලා පිත්තෙන් පන්දුවෙන් සැම මුළු ලොව විශ්මිත කරවා කුසලානේ ගෙන එවී ජය ලබලා සුබ පතමු ජය පතමු අප සැම එකතු වෙලා ඔල්වරසන් දෙමු දසඅත සිහ ධජ ඔසවලා... ජය ඝෝෂා ආයෙත්... හිත තුළ නෑ සැක සංකා කිරුළ ලක් මවටයි අප කව්රුත් හැමදාමත් ඔබ සමගයි ලෝ තලයේ නම රන්දා තරඟ පෙළම ජයගෙන එයි... අපි ගැයුවේ ආසිරි ගී ඔබ සැමටයි සුබ පතමු ජය පතමු අප සැම එකතු වෙලා ඔල්වරසන් දෙමු දසඅත සිහ ධජ ඔසවලා... අභිමානෙන් හෙළ අභිමානෙන් එකතු වෙලා පෙරටම යනු මැන අප ලක් මවගේ නම තියලා...

More by Tehan Perera

View all songs by Tehan Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.