Skip to content

Lyrics

සිංහල
හිරු ලඟ සීතල සොයනා හිම මත උණුසුම පතනා ලොව තුල අප සැරිසරනා (සිහිනය තනියට හිඳිනා).. මල් පිබිදෙන්නට වසන්තයම ඔබ හට ඕනෙද ගිම්හානයෙ පිපෙනා තනි මල කොතරම් සොඳුරුද ජීවිතයේ හැමදා ඔබහට හසරැල් ඕනෙද කඳුලක් පවසන හැඟුම් දහර කොතරම් සිහිලද හිරු ලඟ සීතල.... උල්පත නොදනී නම් ගඟුලක දිය නොපතන්න පන්සිළු නොදනී නම් වීණා ගැන නොතැවෙන්න මින්දද නොදනී නම් පෙම්ලොව දොරගුලු ලන්න අන් දුක නොදනී නම් නෙත කඳුලැල් නොසලන්න හිරු ලඟ සීතල.... සිහිනය තනියට හිඳිනා..

More by Suranji Shamali

View all songs by Suranji Shamali →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.