Skip to content

Lyrics

සිංහල
නිල් වරල පුරා මල් අතුරලා බිඟුන් මත් කරන රන් මුව මඩලින් රැස් විසිරැවා තෝඩුන් දිදුලවන නිම්නාද දී යන සත් ස්වරයෙන් දෙසවන් සිල් බිඳින හදසෙන් වැදී ගජසෙන් මඩිනා දෙව්ලියේ ඔබ කවුද ශෘංගාරී මගේ හද විල් තීරයෙන් බැස කිමිදෙන්න දැහැනින් බැඳඋන් සලෙලුන් මුදමින් සුරත් සුවය විඳගන්න මල් මකරන්දයෙන් නා දලු තෙමා මීවිත බොන්න පෝසඳ අසලින් පුන්සඳ තියා සාවුන් සිපගන්න හද හද බැඳී ගත ගත වෙලී යන මේ රැය පුරාවට වීණා වැයුමට සකි පන්සිළු හට ඇරයුම් කරන්නද ශෘංගාරී මගේ.... මේ නඳුන් උද්‍යානයේ දැහැනින් සුව වින්ද සිත බොලඳ වෙයි සසැලෙයි සොඳුරියේ නුඹ නිසාමද ශෘංගාරී මගේ....

More by Supun Perera

View all songs by Supun Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.