Skip to content

Lyrics

සිංහල
ඉර පායා ඉර අවරට යන්න කලින් කියන් ලදේ සඳ පායා සඳ අවරට යන්න කලින් කියන් ලදේ තරු පායන නෙත් සඟලින් ඉඟි කර කර කියන් ලදේ කැකුළු සිනහා මල් පීදෙන මුව මඩලින් කියන් ලදේ පාන්දරින් පාන්දරට නුඹ දකිනා සිතක් ඇතේ යාන්තමින් ඇස හැරලා නුඹ වෙලනා සිතක් ඇතේ සිහින් හඩින් මුව පුබුදා නුඹ අමතන සිතක් ඇතේ කියන් ලදේ අඳුනන්නිද නුඹ වෙත බැඳි සිතක් ඇතේ බැලු බැල්ම මඟ හැරලා වෙනතක් දෙස බලන්නියේ පෙලු සිහින පොට හැරලා සිත වටලා දුවන්නියේ කියූ කියුම සවන නොලා මට ගොළුවත රකින්නියේ කොහේ ද නුඹ සිත රැදුනේ මගේ සිත නොහඳුනන්නියේ ඉර පායා ඉර අවරට ........

More by Somathilaka Jayamaha

View all songs by Somathilaka Jayamaha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.