Skip to content

Lyrics

සිංහල
නිදුකින්ම දිවියේ ඉන්න හිනැහිලා මගේ ආයුෂත් අරගෙන වැඩිකල් ඔහේ අහසක් තරම් ආදරේ මට කියා වෙන් වී ගියත් නෑ තරහක් සිතේ හදාගන්න හිත තාම මට බැරි වුණා ඔයා වාගේ පෙමටත් වඩා තේරුම් ගියොත් මාගේ සෙනේ නොහඬන්න කිසිදා කඳුළැල් සලා වෙනසක් වුනොත් ඔහුගේ සෙනේ යළි එන්න ආයේ මා ඉන්නම් බලා....... පණ වාගේ ළං වී එදා මං ගාවින් හුරතල් වෙලා පොඩි දේටත් කඳුළැල් සලා යළි මොහොතින් පෑවේ සිනා මට වඩා පෙම් කළා ජීවිතේ නුඹ යැයි කියා නුඹ වගේ තව කෙනෙක් ළං වෙලා නෑ සදා...... තේරුම් ගියොත් මාගේ සෙනේ නොහඬන්න කිසිදා කඳුළැල් සලා වෙනසක් වුනොත් ඔහුගේ සෙනේ යළි එන්න ආයේ මා ඉන්නම් බලා....... සිහිවේදෝ පෙර කී කතා හැරයන්නේ ඔහුගේ වෙලා මුණ ගැහුණත් දහසක් දෙනා ඔබ වාගේ නෑ ළං වෙලා....... මට වඩා පෙම් කළා ජීවිතේ නුඹ යැයි කියා නුඹ වගේ තව කෙනෙක් ළං වෙලා නෑ සදා...... නිදුකින්ම දිවියේ ඉන්න......

More by Shihan Pavithra

View all songs by Shihan Pavithra →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.