Skip to content

Lyrics

සිංහල
තුමුල නමුණුකුල ගිරි හිස උදුල සඳ මඬල දුටු නෙත රැවටුණා තමයි කිමද මේ තරම් ඒ ගැන - හිනැහෙන්නට කාරණා මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා නුඹේ වත මඬල සඟවා - මුවා වෙන රිසින් අතුරන සීත පිණි නිසා තිලකය පාළු වෙයි උමා සීත මීදුමේ ඉර පට වළළු ලූ අතින් ඉවතට ඈත් කර හොරෙන් හෙමිහිට බලාපන් උමා කන්ද උඩ රැවින් දිදුළන - කන්ද කදිර දේවාලය අපිට පිහිට වෙයි කියලා හිතනවද උමා අප වටා නැගෙන උවදුරු ඈත් වී නොබෝ කලකින් පිච්ච මල් සුවඳ විතරක් ඉතිරි වෙද උමා

More by Shakila Madhubashini

View all songs by Shakila Madhubashini →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.