Skip to content

Lyrics

සිංහල
සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ පුතුගේ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ සේද වන් කිරිසිනා පුතු මුවේ ඈ‍ඳෙනා සුන් කරයි මා වේදනා... සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ පුතුගේ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ.... රන් විමන් දු‍ටුවේද මන්දිර පුතුනි ඔබ සිහිනේ නන් සැපෙන් පිරවීද නිදි දුව ඒ සිහින විමනේ මාපුතු සිහිනේ අඳින දෙවිඳේ මුලා නොකරන් මා පුතුන් නොමැත සුව නිදියහන් පුතු හට නොම මවනු මැන ඒ දසුන් තරුවැල් ගොතා සඳ කැන් මතින් සතපන්න පුතු හැකිනම්... සුපුන් සිහිනේ... දෙව් ලඳුන් පිරිවර අරන් වැඩියේද මවු සිහිනේ මා පුතුන් දෝතින් අරන් නැලවීද ඈ ගීයෙන් ඇගේ දෙ අතේ නිදන් පුතුනේ නොම සොයනු අවදිව මවුන් සුව නොමැත මා පහස ඇගෙ මෙන් රලු උනේ උරතල බරින් මාලොව පහන් කල රන් පුතුන් ඔබ රකිමි දිවි හිමියෙන්... සුපුන් සිහිනේ...

More by Sangeeth Wijesuriya

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.