Skip to content

Lyrics

සිංහල
මල් පෙරහැර එන්නාසේ හිදිමි ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමි ගැල් පෙරහැර යන්නාසේ නිදමි ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැති යලි හිත හදා ගමි සදහට පතා එමි හඹා එමි සදා ඔබම පතමි නිල් තරු බිම වැටිලා සේ දුටිමි ඔබ නෙතු සඟලේ එළි සේරම දුටිමි නිල් එළි පෙළ දැවෙනා සේ දුටිමි ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමි සඳ රැජිණිය වඩිනා සේ දුටිමි හිත ඇතුලෙන් පන් තේරු නැටුම් නටමි පෙරහැර මා හැර ගිය බව දුටිමි ඔබ මා ළඟ නැවතී ඇති බව දුටිමි ඒ සැප නිමක් නැති තාමත් පමා නැති ඔබේ සිත බදා ගමි සදහට සිනාසෙමි සිනාසෙමි සදා ඔබම පතමි නිල් තරු බිම වැටිලා සේ දුටිමි ඔබ නෙතු සඟලේ එළි සේරම දුටිමි සඳ රැජිණිය වඩිනා සේ දුටිමි හිත ඇතුලෙන් පන් තේරු නැටුම් නටමි ගැල් පෙරහැර යන්නාසේ නිදමි ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි පෙරහැර මා හැර ගිය බව දුටිමි ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමි ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැති යලි හිත හදා ගමි සදහට පතා එමි හඹා එමි සදා ඔබම පතමි මල් පෙරහැර එන්නා සේ දුටුවා ඔබ මහද පුරා ඇවිදින සුව වින්දා පෙරහැර මා හැර ගිය බව දුටුවා ඔබ අහක බලා ගිය පසු දුක් වින්දා ......

More by Sangeeth Wijesuriya

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.