Skip to content

Lyrics

සිංහල
හුස්මක් වගේ මට ලංවී ඉබේ ඔබ රැඳිලා නොසන්සුන් හදේ මම මේ තරම් සතුටක් ලබලා නම් නැහැ කිසිදාක මේ ලෝකයේ සංසාරෙන් සංසාරේ එන හුරුවක් වගේ මට ඔබෙ දෑත හිමිවුන නිසා මග බාධා හමුවූවත් මට කොතරම් ලොවේ ඔබ හැරයන්නෙ නැහැ කිසිමදා දුක හිතුන හැමවිටම සෙවනැල්ල සේ ඔබ හිටියා මගෙ ලඟම තුන් තිස් පැයේ තුටු පඬුරු ලෙස එයට මගෙ ජීවිතේ අරගන්න දැන් ඔබට බාරයි ලඳේ සංසාරෙන් සංසාරේ එන හුරුවක් වගේ මට ඔබෙ දෑත හිමිවුන නිසා මග බාධා හමුවූවත් මට කොතරම් ලොවේ ඔබ හැරයන්නෙ නැහැ කිසිමදා හැමවිටම හිත සොයන පතිවත ඔබේ ලඟ නැතිව දුර සිටින විට හිතුමතේ ඔබ නොදැක මම ගෙවන හැම තත්පරේ මට බොහොම දිගු කාලයක් මෙන් හැඟේ සංසාරෙන් සංසාරේ එන හුරුවක් වගේ මට ඔබෙ දෑත හිමිවුන නිසා (මග බාධා හමුවූවත් මට කොතරම් ලොවේ ඔබ හැරයන්නෙ නැහැ කිසිමදා)...

More by Sameera Edirisinghe

View all songs by Sameera Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.