Skip to content

Lyrics

සිංහල
මධුවිතකින් රෑ කල් ගෙවනා ඉඟසුඟ බඳ මායම් කරනා දෙව්ලොව සුවඳින් සිත් පුරවා ඔච්චම් කරමින්ඉඟි මැරුවා නිදි නැති රෑ තුන්යම රඟනා රතු දෙතොලින් රහසේ කොඳුරා සලෙලුන් හිත මන් මත් කරනා මල්සර හී වරුසා වැටුණා සැතපෙන ඔබ ඔය මුදු මල් යහනේ වෙනකෙක් සනහන පාළු නිවහනේ නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ රස මදිරා අම පෙම් සුව ගැවසේ තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ බැඳුනත් නුඹ වෙන බඹරුන් පහසේ නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ විඳි සුව සිහිවන විට සිත පිබිදේ අහංකාර නගරේ පුරඟනක්ද නුඹ ළඳුනේ නෙතු අග බැලුම් වසන් කර රහස් කියනවද විසේකාර ලඳුනේ මධුවිතකින් රෑ කල් ගෙවනා...... නුඹටම අවනත නැති හිත රහසේ බැඳුනද ඔය ගත අනෙකුත් පහසේ නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ රස මදිරා අම පෙම් සුව ගැවසේ තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ බැඳුනත් නුඹ වෙන බඹරුන් පහසේ නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ විඳි සුව සිහිවන විට සිත පිබිදේ මධුවිතකින් රෑ කල් ගෙවනා...... තනිවෙන්නම් මා මට නොව නම් ආදරේ මතකේ රඳවන් ගතවෙත් දෙන් ජිවිතේ දිවියේ මතු දා යලි ඒ නම් මා කෙරේ රැකගන්නම් මා පණ මෙන් නුඹේ ජිවිතේ කෙල්ලේ මධුවිතකින් රෑ කල් ගෙවනා......

More by Ranidu Lankage

View all songs by Ranidu Lankage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.