Skip to content

Lyrics

සිංහල
ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන් ‍සිහිනයක් නොවේය ජීවිතේ අරුණු යාමේ රැඳි තුෂර බින්දුවක් වගේ ආදරේ බි‍ඳේවි මොහොතකින් බිඳුණු පෙම් හදින් හඬන තුරුණු පෙම්වතුන් ලෝකයේ කොතෙක්ද යාළුවේ පුංචි කාලේ එවන් වේදනා දැණුනොතින් දරාගන්න හැකිද ඔය සිතින් ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන් ‍සිහිනයක් නොවේය ජීවිතේ අරුණු යාමේ රැඳි තුෂර බින්දුවක් වගේ ආදරේ බි‍ඳේවි මොහොතකින් මිහිරි කල්පනා සුමුදු මුකුළු මල් හිනා පුංචි හිතට සතුට ගෙනෙනවා නොසිතු සේ ඈ සිතින් පෑ සෙනේ බිඳුණොතින් පුංචි හිතට දේ ද වේදනා ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන් ‍සිහිනයක් නොවේය ජීවිතේ අරුණු යාමේ රැඳි තුෂර බින්දුවක් වගේ ආදරේ බි‍ඳේවි මොහොතකින්

More by Nimal Gunasekara

View all songs by Nimal Gunasekara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.