Skip to content

Lyrics

සිංහල
නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වළාකුලෙන් රුවල් දමාලා බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා පෙම් ගඟුලේ රැල්ල නගාලා දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා සුරංගනා ලෝකේ සොයාලා දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා සුරංගනා ලෝකේ සොයාලා සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා ඔබ නලවමි පවන් ගසාලා පොකුණකට වෙලා මම මල් කැකුළක් වීලා සුවඳ එවමි සුළඟෙ ඔතාලා එවිට මල සොයා පියඹා එමි රුං ගාලා මම සමනළයෙකු වාගේ සැරසිලා සොඳුරු සමනළා එන කල මලට පියඹලා පිළිගන්නම් පෙති විහිදාලා මැණික් කැට අරන් පෙරලන පහළ ගල ගලා මම නිල් දිය දහරක් වෙනවා මමත් ඒ දියේ රන් වන් පාටින් දිලෙනා මාළුවෙක් වෙලා පීනනවා මටත් හරි හිතයි එහෙනම් අල්ලගන්නවා මම රිදී දැලක් වාගේ මැවෙනවා ඔබේ දැල සැපයි මම ඒ දැලට මැදි වෙලා පෙම් ගීයක් කියා නටනවා

More by M.S.Fernando

View all songs by M.S.Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.