Skip to content

Lyrics

සිංහල
මුතු මැණික් එපා දියමන්ති එපා ඔබ මා ළඟ ඇතොත් ළදේ තරු මිණත් එපා හිරු සඳුත් එපා ඔබ මා ළඟ නැතොත් ළදේ බොරු කියන්නෙපා බොරු කියන්නෙපා උපමා තව පලක් නැතේ හිත් දෙකක් කපා වෙන් කරන්න බෑ විශ්වාසය ඇතොත් සිතේ හිරු හා නෙළුම් ඇත බැඳී - පිණි හා අරුණ සුව විඳී මතු දා දිළිඳු පැළකදී - නැවතී ඉන්න සෙවණ දී සිත හා සිතන සිතුවිලි - සරසා සදන සැණකෙළි දෙනෙතේ නැගෙන කඳුළැලි - පිසදා මවනු සැණකෙළි මුතු මැණික් එපා.... ඔබ මා ළඟම ගැවසිලා - මවනා සතුට උතුරලා ගංගා විලස ගල ගලා - යන්නා සයුර වෙත බලා සයුරේ වෙරළ අසලදී - බැඳිලා මුවට මුහුණ දී මුසු වී ඉන්න හිත දිදී - එනවා ළඟම දිනකදී මුතු මැණික් එපා....

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.