Skip to content

Lyrics

සිංහල
මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ සැළලිහිණි ගිරා මලිති බටිති රෑණක් අතරේ ඇය ඔකඳ වෙමින් රඟන විටද සැංගිලා මම කුරුළු වෙසින් සොය සොය එමි පියඹලා වණ මලක් වෙලා ජනිත වුණොත් එම කැළේ මම සුවඳ ලෙසින් එමි පාමින් සුරතලේ මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ... ඇය සා දෙනෙකුව දිව යයි නම් බිය වෙලා ඉමි උඳුපියලිය පළස විලස වැතිරිලා දිය පාරක් වී බැස යන කල වන පෙතේ මම කුඹුක් ගසක් වෙමි ඉවුරෙහි පිය කතේ මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ...

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.