Skip to content

Lyrics

සිංහල
කඳුළු සලා නංගී ඇයි දුකින් තැවෙන්නේ ජීවන සයුරේ ඉමිහිරි දිනයේ මංගල කිංකිණි හඬවා කඳුළු සලා නංගී ඇයි දුකින් තැවෙන්නේ... නිවසේ මිනි පහනක් ලෙස බැබලී මෙපමණ කල් ඔබ සිටියා දියකට ලෝකේ හිමිවන වරයක් මේ මොහොතේදී අද ලැබුවා මේ අපගේ ගේ දොර අප හැරදා යනවා නව දිවියකටයි පා ඔසවන්නේ මනමාලිය වන හින්දා නංගී ගස් වල කුසුම් පිපෙන්නේ... කඳුළු සලා... ආදර සැමියෙකු හට අත දෙන්නයි මේ ඔබ සැරසී ඉන්නේ සැප සාදා නව නිවස් ලියකගේ පතිවතදම් සුරකින්න ආරේ සිහල හොඳ ගුණදම් රැකලා ලෝකේ හොඳ නම වඩවා ගන්න ඔය කඳුලැලි කැට පිසදාගෙන දැන් නංගී සතුටින් යන්න... කඳුළු සලා...

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.