Skip to content

Lyrics

සිංහල
(කඳුළු අතරට සිනා රැළි වෙමි විඩාවට සෙවනක් වෙමි ජීවිතයේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමි).. සුවඳ සුදු මල් හිනා වෙද්දි කවුළු දොර ළඟ අතු කොනේ ඒ මැදින් මම හොරෙන් අතුරමි හදවතේ බැතිබර සෙනේ සැදෑවක ඔබ සඳැල්ලට වී තනිව ලතවෙන වෙලාවේ ගීයකට රස පද එවන්නම් සඟවලා රන් වලාවේ බුදුන් පාමුල වැඳ වැටෙද්දී බැතින් බර වී සැනහිලා පිදූ මල් මැද සුවඳ දුම් මැද පැතුම් පුරවමි හිනැහිලා යහනකට වී අඳුර ඉවසා රැය ගෙවී යද්දී ඉබේ සඳ කැරැල්ලක් සමඟ පාවෙමි කවුළුවෙන් කුටියට ඔබේ කඳුළු අතරට සිනා රැළි වෙමි විඩාවට සෙවනක් වෙමි ජීවිතයේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමි ආදරේ කවියක් වෙමි

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.