Skip to content

Lyrics

සිංහල
රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා දැඩිකල මවුට වඳිනවා මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා දැඩිකල මවුට වඳිනවා දුකට සැපට පිහිට අපට වෙනව මෑණියෝ දැක දැක මව් නොසලකන්නෙ රටේ මෝඩයෝ දස මස කුසෙහි දරා ලේ කිරි කර පොවලා දැඩිකල මගේ මෑණියෝ දස මස කුසෙහි දරා ලේ කිරි කර පොවලා දැඩිකල මගේ මෑණියෝ දෑත දෙපය නොකඩා දැඩි කරපු අම්මට දෝත නගා වඳිනව මම මගේ අම්මට ලෙඩ දුක දෙක බැලුවා දිවා රෑ නිදිමැරුවා මෙලොව දෙවියො මගේ මෑණියෝ ලෙඩ දුක දෙක බැලුවා දිවා රෑ නිදිමැරුවා මෙලොව දෙවියො මගේ මෑණියෝ මව් වගෙ තව කෙනෙක් ඇත්ද මේ මනු ලෝකේ මව් නැතිදා තේරේවී මව් නැති සෝකේ නලවා බබෝ කියා බැලුවා නෙත නොපියා සිහිවේ මව් මරණ මංචකේ නලවා බබෝ කියා බැලුවා නෙත නොපියා සිහිවේ මව් මරණ මංචකේ කැලේ සිටින මුර්ගය ආදරෙයි පැටියට යක්ෂයා වගේ සමහර පුතු රවයි අම්මට බස් නොව බොරු මිතුරා ඇස් දෙක යයි පුපුරා සත්තම්ඇයි නුඹේ අම්මට බස් නොව බොරු මිතුරා ඇස් දෙක යයි පුපුරා සත්තම්ඇයි නුඹේ අම්මට ආදරය කරන කරන කෙල්ලට නම් පුදයි ජීවිතේ පව් නේද මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ මෝඩකම් අත්හැරලා මෙ වදන් සිතට අරං සලකන්න මව්ගෙ ජීවිතේ මෝඩකම් අත්හැරලා මෙ වදන් සිතට අරං සලකන්න මව්ගෙ ජීවිතේ මරුව ඇවිත් දඟලන කල පණ ගෙනයන්න බේරගන්න බැරි තැන අඬගසති අම්මට දරුවා වරෙන් කියා මරුවා අඬගහනව පුතාගෙ සැර එවෙලෙට ඉවරයි දරුවා වරෙන් කියා මරුවා අඬගහනව දුවාගෙ සැර එවෙලෙට ඉවරයි රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා දැඩිකල මවුට වඳිනවා මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා දැඩිකල මවුට වඳිනවා

More by Maxwell Mendis

View all songs by Maxwell Mendis →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.