Skip to content

Lyrics

සිංහල
සිත හඬා වැටෙනවා මටම ආදරය කරනා කෙනෙකුන් සෙවුමුත් ආත්ම භවේ පුරා ප්‍රාර්ථනා සිඳී බිඳී හඬා වැටෙනවා සිත හඬා වැටෙනවා නැහැ නැති ඉසුරට නාහෙන් ඇඬුවේ ඒකද හිමියනි මගෙ හැති කැඩුවේ සැපත සොයා යන හැම දිගු ගමනක දුකින් නිමා වෙන ආලය පමණද මගේ ලොවේ මට ඉතිරිව ඇත්තේ සිත හඬා වැටෙනවා සිතා ගන්න බැහැ මම කල පාපය ජීවිතයම කඳුලක් කර ගන්නට මහා බඹුනි ඔබ මැව්වේ මෙලෙසද මගේ නලලත ඔහුගේ පිළිරුව කෙලෙසද බඹරෙකු දෙඹරෙකු වුයේ මටම ආදරය කරනා කෙනෙකුන් සෙවුමුත් ආත්ම භවේ පුරා ප්‍රාර්ථනා සිඳී බිඳී හඬා වැටෙනවා සිත හඬා වැටෙනවා

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.