Skip to content

Lyrics

සිංහල
මගෙ කොන්ඩේ නැතත් ඉන ගාවට රෙද්ද හැට්ටෙ නොඇන් දාට හැදිච්චකම තාම තියෙනවා කොන්ඩෙ පාට කරල කොට කෙරුවට බටහිර පන්නෙට ඇන්දට හැදිච්චකම තාම තියෙනවා යනකොට පාරෙ තොටේ පිඹගෙන හැටට හැටේ තරුන නාකි වෙනසක් නැහැ බැල්ම දානවා වැඩි දෙනෙකුගෙ හිත රිද්දල එක්කෙනෙකුව බැහැ බඳින්න ඒක හින් ද මැරෙන තුරා නොබැඳ ඉන්නවා දැන දැන වැරදි කරන බොරුවෙන් ජීවත් වන අය දැක්කම මට හරියට කේන්ති යනවා නැති බැරි අය මුන ගැහුනම ඒ අයගෙ දුක කිව්වම උනු වෙන ගතිය හිතේ මටත් තියෙනවා මගේ සිංදු අහන් ඉන්න කැමති ඈයො ඉන්න තුරු ඒ අය පිනවන්න මමත් සිංදු කියනවා රසිකයො අඩුවෙල මට බැහැයි කියල හිතුනු දාට තියෙන දෙයක් කාල බීල ගෙදර ඉන්නවා

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.