Skip to content

Lyrics

සිංහල
රන් සමනලයෙක් ඇයගේ මුහුණේ පැනි බොන්නට ඇවිදින් කොහොමද සමනලයාට ඉතිං අපි ඇත්ත කියාදෙන්නේ ඇයගේ ගීයෙන්  මත් වූ කොවුලන් ඈ ළඟටම ඇවිදින් කවුරුද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ මොණරෙක් නැති වුන සිකිපිල් සොයමින් ඇයගේ වරළ සිඹී ඒ මොණරා හට තතු පහදන්නේ මොන විදිහට අපී නා ගස නාදළු නරඹයි ඇයගේ තොල්පෙති වෙතට එබී අනේ අහිංසක නාගස ඇය හට රැවටී තිබෙන හැටී විලෙන් පලා ගිය හංස යුවල කෝ විල ඇයගෙන් විමසයි දෑතින් සිය ළැම මඬල වසාගෙන විලියෙන් ඇය ඇඹරෙයි කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ මහනෙල ඇගෙන් අසයි මානෙල් මල් පෙති ගත්තේ නැති බව කියමින් ඈ දිවුරයි

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.