Skip to content

Lyrics

සිංහල
Thun Sitha - Kamal Addararachchi and Neela Wickramasinghe තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා පදවැල් අතර ගැයෙන - ස්ව‍රයේ සප්ත වර්ණ සිත ලඟ ගයනව ද ඔයා තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැදවෙනා සිනමා පටයෙ රැදෙන - සුන්දර සිහින රැගුම සිත ලඟ රඟනවද ඔයා නෙතගට කඳුල ගෙන දෙනා නරඹන සිතද හඬවනා දුක්බර ප්‍රේම රැගුම - සුන්දර පියවි ලොවක රගන්න කියන්නට එපා තනිකම සිතට කැඳවනා තනිවම සිතින් වැලපෙනා දුක්බර විරහ ගැයුම - සුන්දර පියවි ලොවක ගයන්න කියන්නට එපා පෙම්බර වදන් වැල විනා දුක්බර දෙබස් නම් එපා සිනමා ලොවක මිසක - දිවියක සබෑ ලොවක දුක්බර චරිතයක් එපා සුන්දර අදහසක් තියා දුක්බර පදවැලක් ලියා සත්සර අතර මිසක - සුන්දර සැබෑ ලොවක දුක්බර ගැයුම නම් එපා

More by Kamal Addararachchi

View all songs by Kamal Addararachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.