Skip to content

Lyrics

සිංහල
මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමි මට පමණක් ඒ පින නැත්තේ ඇයි නිරතුරු වැළපුනෙමි අම්මා... අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි පැහැදිලි නැති එක චායාවක් ඇත ඒ ඔබ බව දනිමි..... ඉස්සර දවසක උදෑසනක ඔබ මා නළවන්න ඇතී මා හඬනා විට දුක ඉපදී මට ලේ කිරි දෙන්න ඇතී මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද මුව සිප ගන්න ඇතී ඔබ යන විට මා කැටුව යන්න නම් අමතක වෙන්න ඇතී..... අම්මා... අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමි පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමි.....

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.