Skip to content

Lyrics

සිංහල
(පාළු සුසානේ ප්‍රේම පුරාණේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදා සෙනේ සැමරුම් කිසිදා මැකී නොයේ... ) මට අමතක නෑ... ඔබට මතක නෑ... ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී ආදරයක් මිය යාවිදෝ හදවත ගොළු වී ඔබේ නාමයෙන් ජීවිතයක් නවතීවිදෝ මා විමසන්නෙමි කියන්නකෝ මට කෙලෙසද මේ ලෙස කුරිරු උනේ පාළු සුසානේ ප්‍රේම පුරාණේ.../ මගෙ අත්තටු බිඳ පියා සරාලා යන්නට ඔබ පැතු චේතනා ඔබයි දිනූවේ පරාජිතයි මා මේකද මට දුන් වාසනා ආදර රේඛා සුසුම් හෙලාවී කම්පා කරවා මහී තලේ පාළු සුසානේ ප්‍රේම පුරාණේ.../ දෛවය මෙය නම් සුදු අපි නාඬමු හමුවෙමු මතු සංසාරයේ කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා ඇවිලෙන මේ ගිණි මා ළයේ ඔබ නොව ලඳුනේ මමයි සදාකල් අසරණ වූයේ කුමාරියේ පාළු සුසානේ ප්‍රේම පුරාණේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදා සෙනේ සැමරුම් කිසිදා මැකී නොයේ මට අමතක නෑ... ඔබට මතක නෑ...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.