Skip to content

Lyrics

සිංහල
මී පිරුණු සුවඳ මල් වනේ ආදරය සිනා සෙනු පෙනේ පැතුම් බිහිවෙලා කුරුළු වෙස් වලා අනන්තයට යයි පියාඹලා රැව් නැගී තුරුණු හද බිමේ ජීවිතයෙ අරුත දැන් දැනේ හැඟුම් විහිදිලා දෙතොල් මතුරලා කතා කරයි පියා සල සලා සිහිනෙකින් හරි - සිතන්නට බැරි ඉඳු නිලක් ලැබී - කැළුම් දෙයි පිරි විමන් නොපතමී - යහන් නොසොයමී ඔබගෙ හද බිමේ වැතිර සැතපෙමී නෙත් පියන් වැසීලා - සිත් තුටින් පිරීලා නින්ද යයි සුවෙන් නිසංසලේ කොකුන් තවරා - සඳුන් මුසුවලා සුගන්ධය ගලයි - සුළගෙ විසිරිලා පෙරදි තැනකදී - දිනෙක බැඳි බැඳී හිටිය හැටි සිතේ - මතකෙ ඇඳි ඇඳී ඒ ගැනත් මෙසේමයි - ඒ දිනත් මෙවාගෙයි පෙම් පහන් දිලේ බවෙන් බවේ

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.