Skip to content

Lyrics

සිංහල
(මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි)... ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි මහද කවුළු දොරින් එන්න සුහදේ ඔයා ජීවිතේ ආදරෙන් ඉන්න මට ළංවෙලා (මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි)... සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී සොඳුර ඔය මුහුණ මිහිදුම් සිහිලෙන් වැසී (මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි)... ඔබ මා හදේ සැරිසරයි...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.