Skip to content

Lyrics

සිංහල
සිටුවරුන්ට සළු වියන්න සිදාදියට පිය මැන්නේ අග හිඟකම් නිසාද කියනු සුදු නංගියේ තනියට නොතනියට ඔබේ ළඟින් ඉන්නට සමනලයින් පියාසලයි වෙළෙඳ කලාපේ නෙතු යන යන තැන සිත අරගෙන ඉගිලෙන්න එපා හමුවන සමනලයන් හට ඔබේ සිත දෙන්න එපා ජීවිතයේ හිමි කරුවා දිනෙක එනතුරා....... බොරු කිය කිය හිත අරගෙන අත්තේන් අත්තට තුරුල් වෙන්න මාන බලයි පඩියෙන් පඩියට සතෙන් සතේ හම්බ කරපු දේ අනාගතේට ලස්සන හෙට විනාශ වී යයි අඳුරු ලොවකට...... සිටුවරුන්ට සළු වියන්න සිදාදියට පිය මැන්නේ අග හිඟකම් නිසාද කියනු සුදු නංගියේ....... හිරු සැඟවී අඳුර ගලා යන ගොම්මන් යාමේට ආදරයෙන් උතුරා යන පෙම් හිත අරගෙන පිපුණු මලේ සුවඳ අරන් බඹරු ගිය දින පසු තැවිල්ල හිමි කර දේවී අනාගතයට...... සිටුවරුන්ට සළු......

More by Himashel Alwis

View all songs by Himashel Alwis →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.