Skip to content

Lyrics

සිංහල
යන යන හැම තැන ඔබව පෙනෙයි මට අප කළ හැමදේ සිහියට එයි මට...... මං තැනූ මාළිගේ බිඳ දමලා පෙමි සිංහාසනයත් නැති කරලා කිරි කලයට ගොම බිංඳුවක් දමා අපේ ප්‍රේමට ඔබ අද නිගා කළා..... නුඹයි ළං වුණේ නුඹයි වෙන් වුණේ නුඹත් එපා නුඹේ හිතත් එපා..... නුඹත් එපා නුඹේ හිතත් එපා නුඹයි ළං වුණේ නුඹයි වෙන් වුණේ නුඹත් එපා නුඹේ හිතත් එපා..... හිතේ ඇති දේ කවි වලින් මට ලිව්වා කිව්වා මමත් ඒවා හදවතින් පිළිගත්තා ගත්තා...... ලොව ලොකුම බොරුව මට අද කරලා මට තිබුණු හිතත් මට නැති කරලා ඔබ හොර පාරෙම මට අතත් වනා මගේ හදේ පැලෙන් අද පිටව ගියා...... නුඹයි ළං වුණේ...... කිඹුල් කඳුළින් ලොවම රවටා හැඬුවා හැඬුවා ලොවත් රැවටී ඔබත් සමඟම උන්නා උන්නා...... මා ගැන පුරසාරම් මටම ලියත් මා වැන්නෙක් මේ ලොව නැතැයි කියා ඔබ හොර පාරෙම මට අතත් වනා මගේ හදේ පැලෙන් අද පිටව ගියා...... නුඹයි ළං වුණේ......

More by Himashel Alwis

View all songs by Himashel Alwis →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.