Skip to content

Lyrics

සිංහල
ඔබ ළඟ නැති මේ සසරේ තනිකම දැණුනා අඳුරේ පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ ඔබ මා ළඟ නැති අතරේ රන් දේදුණු පෑයූ දා ඔබ හා මා එක් වූ දා මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා පොද වැස්සක අපි තෙමුණා විළඳ පොරි ඉහලා අපට සුබ පැතුවා අසිරි හඬ දීලා මංගලම් කීවා සුවඳින් පිරී හසරැල් ඔබේ මගෙ මුවගට ළංවූවා ඔය රුව මගෙ නෙතු දුටුවා ඔබ ළඟ නැති මේ සසරේ... සඳ කිරණ වැදිලා මල් සුවඳ දැනිලා පිණි දහඩිය වැටිලා ඔබෙ මුහුණ දිලිලා ඔබ හා මෙ මා දෙදෙනෙක් කියා සිතුවා ඉවරයි සිතුණා රැය පහන් කලා දෙදෙනා ඔබ ළඟ නැති මේ සසරේ තනිකම දැණුනා අඳුරේ පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ ඔබ මා ළඟ නැති අතරේ රන් දේදුණු පෑයූ දා ඔබ හා මා එක් වූ දා මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා පොද වැස්සක අපි තෙමුණා

More by Greshan Jayamaha

View all songs by Greshan Jayamaha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.