Skip to content

Lyrics

සිංහල
රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ කරදිය රැලි උඩින් ගමන මග සලකුණු නෑ අපට කරදිය රැළි උඩින් ගමන මග සලකුණු නෑ..... ඔරු කඳ ලතැවෙනවා මැදැළ හැනැහෙනවා අඳුරේ පිට වෙනවා යළි උදයේ එනවා රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා ඝණ අඳුරේ අප සැමදා වෙලීලා... රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ... නෙත නිදි වැරුම අපේ දහදිය කඳුළු අපේ මසුරන් මසුන් අපේ තඹ කාසියට කැපේ රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා ඝණ අඳුරේ අප සැමදා වෙලීලා..... රනින් මාල...

More by Greshan Ananda

View all songs by Greshan Ananda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.