Skip to content

Lyrics

සිංහල
හිතන තරම් සුන්දර නෑලූ ආදරේ හැටී පතන තරම් ඉටුවෙන්නෑලු පෙම් පැතුම් පොදී කිව්ව තරම් කෙරුවානම් ඔබ ආදරේ වටී දුන්නු තරම් රැක්ක පොරොන්දූ කව්රුවත් නැතී විරසක නොවෙනු කියා තනිකම මගෙ ළඟින් තියා ප්‍රේමය උගන්නලා නුඹ තේරුම වැරැද්දුවා මේ ලෝකෙන් පිට වෙන්නම් ඈතින් ඈතට යන්නම් ආයෙත් රවටන්නැතිනම් ඔබ වෙනුවෙන් ඉපදෙන්නම් මං නැතුව ඉන්න නම් ඔබට පුරුදුයිනෙ දැන් පෙර වගේ ඕන නෑ කල් ඉකුත් වී ගිහින් මතක නටඹුන් අරන් යන්න සමු දෙන්න දැන් හරි වැරදි හෙව්වාට නෑ වැඩක් යන්තමින් විරසක නොවෙනු කියා.... මේ ලෝකෙන් පිට වෙන්නම්.... මාගෙ මරණින් පසූ නුඹ මතු උනත් සුදූ ඔබ හොයලා මට එන්න බැහැනෙ වැසුනම නෙතූ එකට යමුදැයි ඇසූ ගමන අතහැර දැමූ ඔබ එක්ක නෑ වෛර මතු භවෙක හමුවෙමු විරසක නොවෙනු කියා.... මේ ලෝකෙන් පිට වෙන්නම්....

More by Dilshan Weerasinghe

View all songs by Dilshan Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.