Skip to content

Lyrics

සිංහල
කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධවූ නගරේ ජේසූ මෙලොවට බිහි වුනේ පුංචි ගව මඩුවේ උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ දුප්පත් එ‍ඬේරු ‍මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ වටපිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතී රජ තුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතී මරිය තුමීගේ පෙම්බර මුහුණේ එළියක් දිස් වූයේ ‍ජුසේ තුමා කිසි දාකත් නෑ දෙවි අණකට ‍පිටුපෑවේ මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා දිවැස්වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා

More by Dharmarathna Brothers

View all songs by Dharmarathna Brothers →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.