Skip to content

Lyrics

සිංහල
සිත ඔබගේ ගැහෙනා රාවය සිහිනෙන් මෙන් ඇසුනා අප මැව් සුන්දර ලෝකය ඇසිල්ලකින් බිඳුනා අද දින යළි හමු වූ විට අපි ආගන්තුක ලෙසිනා ඔබ මා දෙස බලනා ආදරයක් කොතැනා දහසක් වූ පැතුමන් පොදි බැඳ ඔබ මා වෙත ආවේ කඳුලක්වී මොහොතකින් මා හට වේදනා ගෙනාවේ අමතක කරලන්නට නොහැකිව ගි පද මම ගැයුවා නිදි මරමින් මුළු රෑ තනිවම ඉනි බිදිමින් හැඬුවා අද මා දෙස බලනා ආදරයක් කොතැනා බිඳුනත් ඒ සිහින මාළිගා නැත මා දුක් වුයේ ආවත් යළි නොසිතු මොහොතක නැත හදවත සැලුනේ හමුවුවත් නොවුනා වාගේ අද මා හට දැනෙනා සිත පැතුමන් බිද කර හැරුමට යළි මා ඉඩ නොදෙනා ඔබ මා දෙස බලනා ආදරයක් කොතැනා සිත ඔබගේ ගැහෙනා ....

More by Dhanushka Prabath

View all songs by Dhanushka Prabath →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.