Skip to content

Lyrics

සිංහල
බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න මහත්වරුණි බදුලු ඔයෙන් කිරි කඳුලක් අපිත් ගන්න කාසි ඇතොත් මේ බෙලිමල් කඳුළු වතුර පොදක් බොන්න කැලේ ගිහින් නිදිවැරුවා... කැලේ ගිහින් නිදිවැරුවා කැපුන සඳුන් දන්ඩ දනී ඒ සඳුනින් හිත තැවරූ සුවඳ පවා සිහින වැනී අඳුරට දුක එකතු වෙලා... අඳුරට දුක එකතු වෙලා නින්ද බිඳුනු පැලට වදී අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී රෑන ගිරව් කටුසු කොබෙයි... රෑන ගිරව් කටුසු කොබෙයි උරග නාග සපුනි වනේ නුඹට වගේමයි අපටත් දුක් පීඩා විඩා දැනේ කඳු ඉස්මත්තෙන් පාවී... කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන්හිඳ හීනේ පුංචි එවුන්ටයි ලස්සන කිරු ගරුඩෙන් කවිය වුනේ

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.