Skip to content

Lyrics

සිංහල
මා තොටින් එන උතුරු සුළඟේ ගිනි සිඹින මඩු පල්ලියේ දෑස් අග මුතු කඳුළු හංගන සරෝජා මගෙ දෝණියේ වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි මක්කරන්නද පැංචියේ ගුරුතුමී මා සිසුවියයි නුඹ ඒත් අපි එක පංතියේ කරවටේ අත දමා හිනැහුණු කෝ නුඹේ පොඩි යාළුවන් දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන් තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කදවුරු දොරෙන් කාටවත් නැති දුවේ කවුරුන් නුඹ රකීවිද සෙනෙහසින් මන්දිරේ දොර නුඹව කැදවයි බේබිලා හඩනා හඩින් මායිමේ වැට අඩගසයි හෙට අවි දරා රකිනා ලෙසින් දමා ගොදුරට කෙලෙස යන්නද ඒත් යන්නට වෙයි ඉතින් වරක් දැක සිත නිවාගන්නට දුවේ ඩිංගක් හිනැහියන් මා තොටින් එන .../

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.