Skip to content

Lyrics

සිංහල
මස් මාංශ කවලා බලු කූඩුවෙ දමලා ඇති කොරන්න ගත්ත අපේ ටොමියා මූට වෙඩි තියන්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා හිතුවද මූට පිස්සුයැයි කියාලා බල්ලට වෙඩි තියන්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා හිතුවද මං වෙඩි තියයි කියාලා උඹ බත් කෑවද ටොමියා ඇහුවම බව් බව් බත් කෑවා කියනවා මම ටොමියා ගිහින් පාරෙ අතාරින්නද බව් බව් බව් එපා කියනවා අපි ඇති කෙරුවත් බලු කූඩුවෙ දමලා කුස පිරෙන්න මස් කටු ටික කවලා ඔය බල්ලන් යනවලු දවසක පැනලා ටොමී උඹ යනවද මටත් එහෙම කොරලා කොල්ලො ගල් ගහන්නෙ නෑ වත්තෙ අඹ කඩන්නෙ නෑ උඹ ඇත්තං ඒ දේවල් නෑ වෙන බල්ලන් හොඳ නෑ නමුතු ටොමියා එහෙම නෑ අතෑරියත් හපා කන්නෙ නෑ බලු රෑන සමග දඩාවතේ යන්න ඩස්බින් එක පෙරලාගෙන කන්න පිළිකන්නක උඩු බුර බුර ඉන්න උඹට ආස නැද්ද ඒ විදියට ඉන්න හොඳ ජාතියෙ බල්ලන් හමුවන්න උන් එක්කල තරඟෙට පොර කන්න බලු ගෑනු සතෙක් එක්ක යාලු වෙන්න උඹට ආස නැද්ද බලු විදියට ඉන්න බලු විදියට ඉන්න ආසදැයි බලන්න බලු කූඩුවෙ දොර ඇරලා තියන්න මාව දාලා යන්නෙ නෑ නේද කියන්න නකුට වනං පස්සෙන් එන්න

More by Deepal Silva

View all songs by Deepal Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.