Skip to content

Lyrics

සිංහල
මල් ඉබ්බෙක් දවසක් ඉබ්බි බලන්නට යන්න වෙලෙන් ගොඩ උනා හීන් සීරුවේ පාර පනින කොට කොල්ලො රැලක් සෙට් උනා ආබොන් එහෙනම් ගිහිල්ලා එන්නම් කිව්වත් ඌ නැවතුනා තණමල්විල මල් සුවඳක් දැනිලා ගමනත් අමතක උනා පලවෙනි රවුමෙම තොල කට පුරවා ඇද්දා මල් බර දුමක් ඉබ්බගේ හදවත සෝදා ගිහිල්ලා මැවුනා රසබර ලොවක් ඉබ්බිත් එක්කලා අහසේ පාවී රැඳිලා සුරඟන ලොවක් සිහින ලෝකයක පාවී පාවී අදිනවා හොඳ හැටි දුමක් මල් ඉබ්බෙක් දවසක්.... පොලිස් ජීප් එක එනවා දැකලා කොල්ලො දුවපි මහ දුරක් ඉබ්බා තනිවී වටපිට බැලුවම දැක්කෙ කාකි කෝට් ගොඩක් ආතල් කඩන්න එපා කියාලා ඇලට දමල ජම්ප් එකක් ඉබ්බා ඉබ්බිව බලන්න යනකොට ඉබ්බිට අවුරුදු හැටක් මල් ඉබ්බෙක් දවසක්....

More by Deepal Silva

View all songs by Deepal Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.