Skip to content

Lyrics

සිංහල
වැහිදාට දේදුන්න වගෙ අම්බරේ මේ වැහිදාට දේදුන්න වගෙ අම්බරේ පැතුව සංසාරේ මනමාලි ඔබදෝ ප්‍රියේ මාගෙ සිත පෙම් පුරා ඔබට ලං වෙයි සදා සුවඳ සිප ගන්න දෙව් දුවනියේ හද පුරා ඔබය මන රංජනී ආදරේ කැන්දනා සුමුදු පෙම් මල් නෙලා රුසිරු සිත සරසලා රැගෙන යමි ලදුනි පෙම් පහන හද දල්වලා කුඹුරු අස්වැද්දිලා නෙක පලින් බර වෙලා සොඳුරු වස්සානේ ඔබ රැජිනියයි මට සදා වැහිදාට දේදුන්න වගෙ...... කුමුදිනිය ඇහැරිලා තරු වටා සැරිසරා ගයන පෙම් ගීය ඇහුනාද මන් මත් වෙලා පිනි දියෙන් නැහැවිලා යාය මල් බර වෙලා සැදුව සිරි යහන අද ඔබට මට වෙන් වෙලා වැහිදාට දේදුන්න වගෙ......

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.